යුද්ධයේදී වම් ඇස අහිමිවී එදා කොළඹ උද්ඝෝෂණයේදී දකුණු ඇසත් අහිමි වූ ආබාධිත හමුදා සෙබළා ගැන සැඟවූ කතාවක් එළියට..
පසුගිය දිනෙක කොළඹ කොටුවේදී විශ්‍රාමික ආබාධිත හමුදා සෙබළුවන්ට කඳුලූගෑස් ප්‍රහාරයක් එල්ලකිරීම සම්බන්ධයෙන් පොලිසියට දැඩි දෝෂාරෝපණ එල්ල වුණා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පවා කතාබහක් ඇතිවුණු අතර කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ආබාධිත සෙබලූන් කිහිපදෙනෙකුම තුවාල ලැබුණා. ඒ අතරන් එක් ආබාධිත සෙබලෙකු බරපතල ලෙස තුවාල ලැබූ අතර වහාම ක්‍රියාත්මක වී ඔහුව රෝහල් ගතකළා.
පසුව වාර්තාවුණේ එම තුවාලය නිසාවෙන් ඔහුගේ ඇසක පෙනීම නැතිවගොස් ඇති බවයි. මීට පෙර යුධ පිටියේදී සිදුවූ ප්‍රහාරයක් නිසාවෙන් එම සෙබළාගේ වම් අසේ පෙනීම දුර්වල තිබුණු අතර මේ වන විට උද්ඝෝෂණය නිසා සිදුවූ තුවාලයෙන් ඔහුට දකුණු ඇසේ පෙනීමද නැතිව ගොස් තිඛෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උද්ඝෝෂණයට පසුදාම තොරතුරු වාර්තාවුණු නමුත් කිසිදු මාධ්‍ය ආයතනයක් තුවාල ලබා ඇස අහිමිවූ හමුදා සෙබළා සම්බන්ධයෙන් පුවත පළකළේ නැහැ. ඒ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව නොදන්නා නමුත් මේ වන විට සැඟව යන්නට ගිය ඒ හමුදා සෙබළා මුහුණුදුන් අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් රිවිර පුවත්පත තොරතුරු අනාවරණය කර තිඛෙනවා.
මේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ඇස අහිමිවූ ඒ සෙබළාගේ කඳුළු කතාවයි.......
මාතර ප්‍රදේශයේ යුද්ධයෙන් ආබාධිත රණවිරුවන්ට එවන් වූ සැබෑ මිනිසකු හමු වුණේය. ඒ ඔහු 9 වැනි ගැමුණු හේවා බළඇ‚යේ සේවය කළ කෝප්‍රල් නිශාන්ත මිහිරාජ්ය. හතළිස් හැවිරිදි නිශාන්ත මිහිරාජ්ද යුදබිමේ දී ආබාධිත වූ රණවිරුවෙකි.
ඔහුගේ වම් ඇස ඛෙල්ලට හා වම් පයට මෝටාර් හා වෙඩි උණ්ඩවලට ලක් වන්නේ කිලිනොච්චිය මුදාගන්නට ඇරඹි සත්ජය මෙහෙයුමේදීය. වසර ගණනාවක් ගෙවී පොළොවේ පය ගසා ඇවිදින්නට සුව වූවත් වම් ඇස පෙනුණේ යාන්තමිනි. එමෙන්ම ඛෙල්‍ලේ, ගලනාලය හා සුෂුම්නාව අතර ඉවක් කළ නොහැකි මෝටාර් කැබලි 9ක්ද ඉතිරිව ඇත. ඔහු යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නේ එවන් තත්ත්වයකය. ඔහුගේ හදවතට අබාධිතවූ රණවිරුවන්ගේ ප්‍රශ්න ගැටලූ ඔහුගේ ප්‍රශ්නසේ දැනුණේ ඔහු ඒ අත්දැකීම විඳි නිසාය. ඔහුගේ කතාවට සමානව කතාවක් ජීවිත සටනට මුහුණදෙන මේ සෑම රණවිරුවෙකුටම ඇති නිසාය.
නිශාන්ත මිහිරාජ් මාතර අකුරැස්සේ ඉපිද අකුරැස්ස කනිෂ්ඨ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා පාසල් අධ්‍යාපනයට නැවතීමක් තැබුවේ කලක පටන් හිත රඳවා සිටින ප්‍රාර්ථනාවක් ඉෂ්ට කර ගැනීමේ අරමුණෙනි. ඒ හමුදා සේවයට එක්වීමටයි.
—මට රටේ තිබුණ වාතාවරණය තේරෙන කාලෙ ඉඳලා හමුදාවට යන්න ලොකු ආසාවක් හිතේ තිබ්බා. කොටි ත්‍රස්ත්‍රවාදීන් කරපු සමහර සිද්ධි ඒ වයසේදීත් මාව කම්පා කළා. විශේෂයෙන් පිටකොටුවේ බස් බෝම්ඛෙ, අරන්තලා ඝාතනය වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඝාතනය, කොටි රටට අපේ මිනිස්සුන්ට මෙහෙම කරන කොට රට වෙනුවෙන් මටත් මොනවා හරි කරන්න පුළුවන් කියලා හැම වෙලේම මට හිතුණා.
මම හමුදාවට බැඳුනේ 1994 අගෝස්තු 08 වැනිදා. අම්පාර තොණ්ඩුවටුවා කඳවුරේ පුහුණු වෙලා 9 වැනි ගැමුණු හේවා බළඇ‚යට සාමාන්‍ය සෙබළෙක් විදිහට අනුයුක්ත වෙලා මුලින්ම රාජකාරියට ගියෙ කිරාන් ප්‍රදේශයට. එතනින් පුලිපංචිකල් කඳවුරේ සේවය කරලා තොප්පිගල තාරාවිකුලම් කඳවුරට ගියා. මේ කඳවුර පිහිටා තිබුණේ කැලෑව ඇතුළට කිලෝමීටර් 18ක් දුරින්. 95 අවුරුද්දේ මැයි 20 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කඳවුරට පහර දිලා මුළු කඳවුරම අල්ලා ගත්තා. ඒ වෙනකොට කඳවුරේ හිටපු 125ක් ගෙන් 25ක තිහක කණ්ඩායමක් කැලේට පැනලා බේරුණා. කෑම බිම වතුර නැතුව දවස් පහක් කැලේ ඇවිද ඇවිද පාර හොයාගෙන කිරාන් කඳවුරට ආවා. ඊට පස්සෙ වාලච්ච්නෙ කඩදාසි කම්හලේ ස්ථානගත වෙලා ක්‍රියාන්විත රාජකාරි කළා. 95 දී යාපනය මුදාගන්න සටනට එකතු වෙන්න අපි පලාලි ගියා. ඊට පස්සෙ රිවිරැස මෙහෙයුමට සම්බන්ධ වුණා.˜
එදා සිට යාපනය නගරය මුදා ගන්නා තෙක් නිශාන්ත 9 වැනි ගැමුණු හේවා බළඇ‚ සෙබළෙකු ලෙසට ක්‍රියාන්විත රාජකාරිවල යෙදුණේය. ඉන්පසු එතැන් පටන් උතුරේ වූ රිවිරැස 2 රිවිරැස 3, සත්ජය 1, 2, අකුණු පහර වැනි මෙහෙයුම්වලට දායකත්වය දැක්වූ නිශාන්ත යුදබිම තුළ ජයග්‍රාහී අත්දැකීම් මෙන්ම අතිබිහිසුණු සහ දුක්මසු අත්දැකීම් ද ලැබුවේය.
ඒ වන විටත් නිශාන්තගේ අනෙක් සොයුරන් තිදෙනාද යුද හමුදා සේවයට එක්වී සිටි අතර ඔවුහු ද කියාන්විත රාජකාරීවල යෙදී සිටියහ.
කිලිනොච්චිය මුදාගන්නා සත්ජය 3 මෙහෙයුමේ අපි හිටියේ. 96 සැප්තැම්බර් 27 වැනිදා පාන්දර තුනට විතර අපේ යුනිට් එකට දරුණු ප්‍රහාරයක් එල්ල වුණා. මට පෙනි පෙනී කට්ටිය මියගියා. මගෙ අතට වෙඩි වැදුණා. ඒත් මම සටන් කළා. තවත් ටික වෙලාවකින් ඛෙල්ලට වැදුණ මතකයි. මම දන්නේ එච්චරයි. ඊට සතියකට විතර පස්සෙ ජාතික රෝහලේදී තමයි මම ජීවතුන් අතර ඉන්නවා කියලා දැනුණේ.˜
දරුණු තුවාල ලබා සිටි නිශාන්ත ජාතික රෝහලේ මාස තුනක් පමණ ප්‍රතිකාර ලැබුවේය. මාස තුනක් යනවිට හිස කෙළින් කිරීමේ හැකියාව තිබුණ ද කතා කරන්නට හෝ වම් අත, ඛෙල්ල, හොළවන්නට හෝ ඇවිදින්නට නොහැකි විය. ජාතික රෝහලෙන් යුද හමුදා රෝහලට මාරු කෙරුණු නිශාන්ත එහිදී සැත්කම් කීපයක් සිදුකර පනාගොඩට මාරු කෙරුණේය. ඒ භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහාය. අනතුරුව කථන චිකිත්සක ප්‍රතිකාර සඳහා නැවත ඔහු යුද හමුදා රෝහලට ද ආවේය.
—මට වචනයක්වත් කතා කරගන්න බැරුව තිබුණේ යුද හමුදා රෝහලේ ශිරානි ජෝශප් ද සේරම් මැඩමුයි, ලිලී කොබ්බෑකඩුව මැඩමුයි මට කතා කරන්න මතකය ගන්න, ලියන්න උදව් කළා. 97 අප්‍රේල් මාසෙ වගේ වෙනකොට මට වචන දෙක තුන කතා කරන්න පුළුවන් වුණා. 97 මාව රණවිරු සෙවණට අනුයුක්ත කළා. රාගම රණවිරු සෙවණෙ පුනරුථාපනය වෙලා ප්‍රතිකාර ලබා රාජකාරි කළා.
ජීවිතය අසරණවී සිටි නිශාන්තට ඉරණම්කාරිය හමු වන්නේද මේ කාලයේය. ඇය බි. එම්. දමයන්තිය. එකල ඇඟලූම් කම්හලක රැකියාව කළ දමයන්ති බසයේදී දුටු නිශාන්ත අපහසුවෙන් වචන ගළපනු දැක ඔහු ආබාධිත හමුදා සොල්දාදුවෙකු බව දැනගත් පසුව නිශාන්තට ආදරය කරන්නට ගත්තාය. ඒ ආදරය විවාහයක් දක්වා ආවේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකොට ආබාධිත වූ ඔහුට අත්වැලක් වීම සැබෑ ආදරය බව සිතූ නිසාය.
—අවුරුදු 4ක් රාගම ඉඳලා තුවාල හොඳ වෙලා මම ආයෙත් කිලිනොච්චිය ඒකකයට යනවා. ඒ ගියාට වම් අතින් වැඩ කරන්න බෑ. ඛෙල්ල හරවන්නත් බෑ. වම් ඇහේ පෙනීමත් දුර්වල මට්ටමක තිබුණේ.
මම එහෙ සැහැල්ලූ මෙහෙයුම් රාජකාරි කළේ. ඒත් මට හෙල්මට් එක දාන්න බැරි නිසා මාව කුරුවිටට එව්වා. කුරුවිට රාජකාරි කරගෙන ඉඳලා යුද්දෙ අවසාන වුණාට පස්සෙ ඔක්තෝබර් මාසේ වෛද්‍ය හේතුන් හා සියයට හැටක් නොහැකියාව හා අපහසුතා මත මම විශ්‍රාම ගියා. මම ඒ වෙනකොට අපිට පුංචියට ගෙයක් හදලා තිබ්බේ. බිරිඳ දරුවන් සමග හිටියෙ ඒ ගෙදරමයි.˜
නිශාන්තට ඒ වනවිට පුතුන් තුන් දෙනෙක් සිටියහ. හේෂාන් ළහිරු අද දහඅට වියේ පසුවේ. ඔහු සර්වේෂස් විදුහලේ උසස් පෙළ පන්තියෙත් මහෂේ ඉසුරු එම පාසලේම 9 වසරේත් ඉගෙන ගනිති. චමත් චින්තක පුතු මාතර රාහුල විද්‍යාලයේ 6 වසරේ ඉගෙන ගනියි.
—මම විශ්‍රාම අරන් බිරිඳ හා දරුවන් සමග සාමාන්‍ය විදිහට ජීවත් වුණත් මම දැක්කා මම ඇහුව තවත් ආබාධිත රණවිරුවන් මියගිය රණවිරු පවුල් ඉන්නවා විවිධාකාර ප්‍රශ්නවලට මැදි වුණ, රණවිරු සේවා අධිකාරියටවත් ඒ සමහර ප්‍රශ්න විසඳන්න බෑ. මාතර රණවිරු සංසදවලට එකතු වෙලා ඔවුන් නගා සිටුවන්න මං සහයෝගය දුන්නත්, ඒක නිෂ්ඵලයි කියලා දැනුණා. ඒ නිසා මම මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16ක් එකතු කරලා ‘නිල්වලා රණවිරු එකමුතුව’ පිහිටෙව්වා. 2014 ඔක්තෝබර් 15 වැනිදා. අපේ රණවිරු එකමුතුවක් එක්ක හම්බන්තොට රණවිරු එකමුතුවත්, රත්නපුරේ මිනිපුර අබිමන් රණවිරු එකමුතුවත් එකතු වුණා.
ඊට පස්සේ තමයි අපි මුළු ලංකාවෙම ඇවිදලා ලංකාව පුරාම දිස්ත්‍රික්කවල රණවිරු පවුල් එකතු කරලා රණවිරු සංවිධාන පිහිටෙව්වේ.˜
නිශාන්ත ඇතුළු නිල්වලා රණවිරු එකමුතුවට අවශ්‍ය වූයේ මුළු ලංකාවෙම ආබාධිත හා දිවි පිදූ රණවිරු පවුල් වෙනුවෙන් කතා කරන්නට ශක්තිමත් රණවිරු එකමුතුවකි. ඒ නිසා 2016 මාර්තු 23 වැනිදා ඔවුන් ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරයේදී සමස්ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව නමින් ජාතික සංවිධානයක් පිහිටුවා ගත්තේය.
ආබාධිත වී විශ්‍රාම ගන්නා විට සක්‍රිය සේවා කාලය වසර 10ක් සම්පූර්ණ නොකළ හමුදා නිලධාරීන්ට හා සක්‍රිය සේවා කාලය වසර 12ක් සම්පූර්ණ නොකළ සෙසු නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් ලැඛෙන්නෙ නෑ. ඒක මේ වෙනකොට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබුණේ. සක්‍රිය සේවා කාලය 10, 12 සම්පූර්ණ නොවුණු අයට අවුරුදු 55 වනතුරු වැටුප ලැඛෙන එක ඇත්තයි. ඒත් අවුරුදු 55න් පස්සේ ඒ වැටුප නවතිනවා. එතකොට ආබාධිත රණවිරු දීමනාවක් කියලා රුපියල් 12000ක් විතර ලැඛෙනවා.
එවන් පුද්ගලයකු වයස 55 වෙන්නට කලින් මියගියොත් වැටුප එහෙමම නවතිනවා. එතකෙට බිරිඳට හා දරුවන්ට ලැඛෙන්නේ යැපෙන්නන්ගේ දීමනාව කියන 15000ක වගේ මුදලක්.
අපේ පළවෙනිම අරමුණ රණවිරු පවුල ආරක්ෂා කිරීම. ඒ නිසයි අපි කියන්නේ සේවා කාලයට වයස සීමා කරන්නේ නැතුව ආබාධිත රණවිරුවන්ට යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබා දෙන්න කියලා. 2015 ජූලි 30 වැනිදා ඒ යෝජිත සේවා වැටුප නීතිගත වෙලා තියෙනවා. ඇත්තටම මේ අය ආබාධිත නොවුණා නම් වසර 10ක් 12ක් නොවේ විශ්‍රාම යනතුරු වුවත් හමුදා රාජකාරි කරයි. ඒක කරන්න නොවී අඩු සේවා කාලයකින් අයින් වෙන්නෙ රට වෙනුවෙන් සටන් කරන්න ගිහිල්ලනෙ.
ඇත්තටම මේක අදට බලපාන ප්‍රශ්නයක් නොවේ. මොකද අදට වැටුප ලැඛෙනවා. තව ඒ වැටුපටම රුපියල් හය හත් දාහක් එකතු වෙනවා. ආබාධිත දීමනාව කියලා. මේ ප්‍රශ්නෙ බලපාන්නෙ හෙටටයි. මේ වැටුප නැති වෙන්නෙ ඒ හෙට කියන අවුරුදු 55න් පසුව හෝ ඊට කලින් රණවිරුවා මියගියොත් තමයි.˜
මේ කරුණු කාරණා පිළිබඳ රජය දැනුම්වත් කිරීමෙන් පසුව සියලූ රණවිරු සංවිධාන ආරක්ෂක අමාත්‍යාංශයට ගෙන්වා 2016 මැයි 27 වැනිදා සාකච්ඡා කළ බව නිශාන්ත කියයි. ආරක්ෂක අමාත්‍යවරයා ත්‍රිවිධ හමුදාපතිවරු, විශ්‍රාම වැටුප් ජනරාල් ආරක්ෂක ලේකම්වරයා වැනි වගකිවයුතු පිරිස් ඒ සාකච්ඡාවට සහභාගි වූ බවත් කියයි.
—සාධාරණ ඉල්ලීම්වලට අපට විසඳුම් දෙන්න එකඟ වුණා. ඒත් කාලෙ ගෙවුණා විතරයි. නිසි විසඳුම් ලැබුණේ නෑ. ඒ නිසා 2016 ජූලි 25 වැනිදා මාතර වසන්ත ප්‍රමුඛව වසර 12ක සක්‍රිය සේවා කාලයට අඩු ආබාධිත රණවිරු කණ්ඩායම පිටකොටුව දුම්රිය පළ ළඟට ඇවිත් විශ්‍රාම වැටුප් ඉල්ලා උද්ඝෝෂණය කළා. එදා දුමින්ද දිසානායක ඇමැතිවරයා ඇවිත් කිව්වා —මනුෂ්‍යයන් වගේ කටයුතු කරන්න ජනාධිපතිතුමා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඉන්නෙ මාස තුනක් ඇතුළත ප්‍රශ්නෙ විසඳන්න පොරොන්දු වෙනවා, කියලා. ඒ නිසා කට්ටිය උද්ඝෝෂණය නැවැත්තුවා.
නමුත් ඒක වුණේ නෑ. මාස තුනක් යනතුරුත්. ඒ නිසා වසන්ත ආයෙත් සේවා කාලය 12ට අඩු ප්‍රශ්නය අරගෙන ජාතික බලවේගය නමින් මාතර රණවිරු එකමුතුව හරහා සියලූම රණවිරු සංවිධාන එක්ක ඔක්තෝබර් 31 වැනිදා මතෛන්ට එනවා. ඒ ඇවිත් සාමකාමී පෙළපාළියකින් ‘විශ්‍රාම වැටුප කෝ’ අසමින් ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයට ගියා. බැරියර් දාලා මග හරස් කරලා තිබ්බා. හතර පස් දෙනෙක් ඇතුළට අරන් සාකච්ඡා කළා. අවසානයේ කියලා තිබුණේ නීතිගත වෙලා තිබුණ විශ්‍රාම වැටුප වෙනුවට දීමනාවක් දෙන්නම් කියලයි. ඒකට නොවැම්බර් 2 වැනිදා ආරක්ෂක ලේකම් කාර්යාලය ළඟට ආරක්ෂක ලේකම් සහ ජනාධිපති ලේකම් ආවා. —දෙන්න පුළුවන් උපරිම දීලා තියෙන්නේ තවත් ඉල්ලන්න එපා. මේකෙ දේශපාලනයක් තියෙනවා˜ කිව්වා. ඇත්තටම අපට දැනුණේ වේදනාවක්. අපි ඒ වෙලාවේ ඉල්ලා හිටියා රටට ආදරේ කරන ඕන කෙනෙක් අපට සහයෝගය දෙන්න කියලා. අපේ ඉල්ලීමට දේශපාලඥයන් කීප දෙනෙක් සහ මහ සංඝරත්නයත් වැඩම කළා.˜
උද්ඝෝෂණයකට පැමි‚ ඔවුහු ඉල්ලීම් ලැඛෙනතුරු මාරාන්තික උපවාසයක් කරන්නට පටන් ගත්හ. උපවාසය අතරතුර අසාධ්‍ය වූ ආබාධිත රණවිරුවන් 4 දෙනෙකු රෝහල් ගත කර තිබු‚.
රජය උපවාසය ගැන සැලකිල්ලක් දැක්වූවේ නෑ. කරන්න දෙයක් නැති තැන අපි ගෝල්පේස් ඉඳලා උපවාස කරන අය හිටපු කොටුවට එන්න ආවා. මේ ප්‍රශ්නෙ සාමකාමීව විසඳගන්න කොහාටද යන්නෙ කියලා අරමුණක් තිබ්ඛෙ නෑ. ඒ එන්න හදනකොට බැරියර් දාලා, කැරලි මර්දන වගේම ජල ප්‍රහාර, කඳුළු ගෑස් සියල්ල සූදානම් වෙලා තිබ්බේ. අපි කොටුවට එන්න හදන බව ආරංචි වෙලා හතර පස් දෙනෙකුට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ආරාධනා කළා සාකච්ඡාවකට. ඔවුන් ගිහින් එනතුරු අපි ගෝල්ෆෙස් එකේ හිටියා.
සාකච්ඡාවට ගිය පිරිස එන්න පමා වුණා. අපි හිතුවා ඒ අය අත්අඩංගුවටවත් අරන්ද? කරදරයක්ද කියලා. ඒ නිසා උපවාසයේ යෙදෙන අය සිටින පිටකොටුවට එන්න පිටත් වුණා. හරියටම ආරක්ෂක ලේකම් කාර්යාලය ඉදිරිපිටින් එද්දී කඳළු ගෑස්, ජල ප්‍රහාර වැදුණා. බැරියර් පෙරළගෙන අපේ අය ආවා. මට ඕන වුණා පොලිස් නිලධාරීන්ට කරදර කරන්න එපා කියන්න. අපිට ඒ වෙනකල් කිසිම පොලිස් නිලධාරියෙක්ගෙන් කරදරයක් වෙලා තිබ්ඛෙ නෑ. මම ඒක කියන්න ඉස්සරහට යනකොටම ඔළුවට වැදිලා වැටුණෙ.
කඳුළු ගෑස් උණ්ඩයක් හිසට වැදීමෙක් හිස දරුණු ලෙස පුපුරා ගිය නිශාන්ත මිහිරාජ් වහා ජාතික රෝහලට ගෙන ගොස් ඇත. පාන්දර 2.00 වනතුරුත් ඔහුගේ හිසේ සැත්කමක් සිදු කළ බව කියයි.
—මොළේට යනකල් ඔළු කට්ට පුපුරලා තිබ්බා. පහුවදා මාව අක්ෂි රෝහලට යැව්වා. මගේ දකුණු ඇහැ සම්පූර්ණයෙන් තුවාල වෙලා. ඇහැට ප්‍රතිකාර ලබාගෙන ජාතික රෝහලට ඇවිත් 9 වැනිදා යුද හමුදා රෝහලට ගියා. ආයෙ 11 වැනිදා අක්ෂි රෝහලට ආවා. සිකුරාදා වනතුරු මං අක්ෂි රෝහලේ හිටියා. මේ වෙනකොට මගේ දකුණු ඇහැ පේන්නෙත් නෑ.
මට ප්‍රතිකාර කරන අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා මහතා දැනුම් දුන්නා. ලංකාවේ මේ ඇහැට පෙනීම ගන්න බෑ. ඒකට ඉන්දියාවේ හෝ සිංගප්පූරුවේ පුළුවන් කියලා. යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂතුමා අද මට කිව්වා මගේ ඇහැ හොඳ කරන්ඩ පුළුවන් කොහෝ හරි රටකට යවලා ඇහැ හොඳ කරන බවට යුද හමුදාපතිතුමා දැනුම්දී ඇති බව. මොනවා වුණත් මගේ වම් ඇහැ යුද්ධයෙන් මට පෙනීම දුර්වල කළා. දකුණු ඇහැ මේ අවස්ථාවේ මට අහිමි කළා. පිටරටකින් හෝ ඇහැට පෙනීම ගන්න පුළුවන් වුණොත් ඒක මට, මගේ පවුලට, මේ ආබාධිත රණවිරුවන්ට යහපතක්. මොකද තාම රණවිරුවන්ගෙ ප්‍රශ්නෙ විසඳිලත් නෑ. මගේ බිරිඳ මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ මේ වෙනකොට නඩුවක් ගොනු කරලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් කිසිදු අයකිරීමකින් තොරව පෙනී හිඳින්නේ නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න සර්.˜
කෙනෙකුට ඇස ජීවිතය සේම වටින්නේය. රට වෙනුවෙන් සටන් බිමට ගොස් ආබාධිතවූ නිශාන්තට දැන් එක් ඇසක් නැත්තටම නැත. ඔහුගේ ඇසට විදේශයකින් හෝ පෙනීම ලබා ගන්නට හැකියාව තිබුණොත් එය ඔහු ජීවිත කාලයටම ලබනා වාසනාවකි.
සංවාදය - බියංකා නානායක්කාර