BREAKING NEWS

s

10/09/2016

ලක්‍ෂිකා සහය අධ්‍යක්‍ෂවරයෙක් එක්ක පැටලිලාද..?

ලක්‍ෂිකා සහය අධ්‍යක්‍ෂවරයෙක් එක්ක පැටලිලාද..?



ලක්‍ෂිකා අන්දරේගෙන් පස්සේ සිනමාව ගැන බලාපොරොත්තු අතහැරලා වගේ නේද?

ඔය කියන්නේ ටෙනිසන් කුරේගේ ‘සුපිරි අන්දරේ’ ජ්ඪතථ එක ගැන නේ. නෑ එහෙම නෑ. ඊට පස්සේ මම අලුත් ජ්ඪතථ එකක වැඩ කළා. ඒත් තවම ඒ චිත්‍රපටය ප්‍රේක්‍ෂකයන්ට දකින්න ලැබුණෙ නැහැ.

“එහෙත් එහෙමයි” නාට්‍යයේ කොමඩිවලට බැස්සේ සීරියස් චරිතවලින් ගොඩ යන්න බැරි හින්දද?

අනේ නැහැ. මම මේ දවස්වල ධ්ඊව් එකේ විකාශය වන ඊ 20 ටෙලි නාට්‍යයේ වත්තක ඉන්න ගෑනු ළමයෙක්ගේ චරිතයක් කරනවා. ඒක වෙනස් විදියේ සීරියස් චරිතයක්. කොහොමත් මම කැමැතියි වෙනස් විදියෙ චරිත කරන්න.

වෙනදා අපි දැක්ක ගැමි චරිතවලින් ඉවත් වෙලා කිව්වොත්?

නැහැ. මාත් හරිම කැමැතියි ගැමි චරිත කරන්න. දයාරත්න රටගෙදරගේ නාට්‍යයක වගේම සුදත් රෝහණගේ ටෙලි නාට්‍යයකත් ගැමි චරිතයක් කළා. මගේ පෙනුමත් ගැමි චරිතයකට ගැළපෙනවා කියලා මම හිතනවා.

දැන් රඟපෑමට වඩා නිවේදනයට මුල් තැන දීලා නිසා රඟපෑම් වැඩ මිස් වෙලාද?

රූපවාහිනියේ සජීවී වැඩසටහනක් කරනවා. ඒත් ඒක තියෙන්නේ සිකුරාදා රෑ පැය 2ක් විතරයි. ඒ නිසා රංගන කටයුතු මිස් වෙන්නෙ නම් නැහැ.

වැඩ මිස් කරගෙන නිවේදන කටයුතුවලට යද්දී අධ්‍යක්‍ෂවරු ලෙඩේ දාන්නේ නැද්ද?

අනේ නෑ. රංගනයට වගේම මට නිවේදනයටත් හැකියාවක් තියනවා කියලා මම හිතනවා.

ලක්‍ෂිකාට පුංචි පූස් සුරතලෙක් තෑගි දුන්නෙ කවුද?

තෑගි දුන්නෙ කවුද කියලා කියන්න බෑ. මට මේ ළඟදී පූස් පැටියෙක් තෑග්ගට ලැබුණා. මම කොහොමත් සත්තුන්ට ආදරෙයි. මට බලු පැටියෙකුත් ඉන්නවා. ඒත් එයාව කොළඹ තියාගන්න අමාරු නිසා එයා ඉන්නෙ ගෙදර. ඒත් පූස් පැටියා නම් දැනුත් ඉන්නෙ මං ගාවමයි.

ලක්‍ෂිකා ආදරයක පැටලුණා කියලා කතාවක් තියනවා?

එහෙම එකක් නැත්තෙමත් නැහැ. මට ආදරේ කරන කෙනෙක්ව හම්බ වුණා. අපි තාම කතාබහ කරලා අඳුර ගන්නවා. අපි කොයිතරම් දුරට ගැළපෙනවද කියන දේ දෛවය අනුව තමයි ඉතින් තීරණය වෙන්නේ. එයා තමයි මට පූස් පැටියාත් තෑගි දුන්නේ.

සහාය අධ්‍යක්‍ෂවරයෙක් ලක්‍ෂිකාට ගොඩාක් සලකනවා කියලා කෙනෙක්ගේ හිත රිදිලලු නේද?

ඔය කතාව මගෙන් තවත් කෙනෙක් ඇහුවා. අනේ එහෙම දෙයක් මම දැනුවත්ව නම් වෙලා නැහැ. ඒ කතාව නම් බොරුවක්. මම කොහොමත් ඕන කෙනෙක්ට හිතවත් හරිම විවෘතයි. ඒක කවුරු හරි වැරැදියට හිතලා හිත රිද්දගෙනද දන්නෙ නැහැ. මම දැනුවත්ව නම් එහෙම වෙලා නැහැ.


Post a Comment

 
Copyright © 2013 Paththara Visthara
Shared by Themes24x7Powered byBlogger