මියයන්නට පෙර කිංස්ලිගේ පුංචි දියණිය කවීෂා තැබූ නෙතට කඳුලක් එන සටහන
එහි සඳහන්ව තිබුණේ "මේ ලෝකයේ ජීවත් වෙන වාසනාවන්තම දරුවා මම වෙමි. අන් අයට නැති අසිරිමත් හැකියාවක් මා තුළ ඇත.
සියල්ලන්ගේම ආදරය මහා සවියක් වී මා අවට පැතිරේ. මා හුස්‌ම ගන්නා විට ඒ සවිය මගේ ආත්මය තුළට ඇතුල් වේ.
හිරු පායන්නේ මට ආලෝකය දීමටයි. සඳ පායන්නේ මට සිසිල දීමටය.
පිපෙන මල මට සුවඳ දේ. පවන මට සුවයක් දේ. ඉතින් මාගේ සිතේ කිසිදු දුකක් නැත. මේ වසර තුළ මා සියලු විභාගවලින් ජය ලබමි. ලකුණු ගනිමි. ඉන්පසු සෑමවිටම ජීවිතය දිනමි. දිනමි.
මේ සටහන ඇය 2015 වසරේ තැබූ එකක් බවත් මෙය හමුවෙලා තිබුණේ කවීෂා ජීවිතෙන් සමුගත් ඔක්තෝබර් 5 වැනිදා.
ඒ වගේම 2015.09.12 දින ලියන ලද දිගු සටහනකද ඇය මේ විදිහට කියා තිබුණා.
"මගේ ජීවිතයේ විශාල වෙනසක් වූයේ එදාය. මා වෙනුවෙන් අම්මා තාත්තා පුංචි සාදයක්‌ද සූදානම් කර තිබුණා. මට අම්මා තාත්තා අයියා වගේම නෑදෑ හිතමිතුරන් තෑගිබෝග ගොඩක් ගෙනාවා. මම ජීවිතයට මුහුණ දෙනවා අද සිට"
පුංචි කවීෂා මේ ලෝකෙන් ඈත් වෙලා යද්දි එයාගේ තාත්තා වුණු කිංස්ලි හිටියේ ප්‍රසංගයක් සඳහා සහභාවී වෙන්න ඉතාලියට ගිහින්.
ඒත් මේ අවාසනාවන්ත දුක්බර කතාව ආරංචි වුණු ගමන්ම කිංස්ලි ලංකාවට ආවා.
ඒ ගිහින් ආවට පස්සේ සිද්ධවුණු මේ ඉරණම ගැන කිංස්ලි කතා කරලා තිබුණේ මේ විදිහට.
මම යද්දි දුව හිටියේ ඉස්පිරිතාලේ. මම දුවව බලන්න ගියාට පස්සේ ඇහුවා දුවට මොනවද ගේන්න ඕනේ කියලා.
එතකොට දුව කිව්වේ මට මොනවත් ගේන්න ඕනේ නෑ තාත්තේ. තව ටික දවසකින් මම ගෙදර යනවනේ. ඒ ගියාම කෝල් කරන්නම් කියලා.
මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවනම් මම කවදාවත් රට යන්නේ නෑ.
මාස 04 විතර කලින් දුවට කැස්‌ස හෙම්බිරිස්‌සාව තිබිලා බේත් ගන්න ගියාම කිව්වා දුවට පරීක්ෂණ වගයක් කරන්න ඕනේ කියලා.
ඒ පරීක්ෂණවලින් පස්සේ කිව්වේ දරුවව කොළඹ රෝහලක නතර කරලා පරීක්ෂණ කරන්න ඕනේ කියලා.
එහෙම කිව්වම අපි බයවුණා.
පිළිකා රෝගයක් මතුවෙලා කියලයි අපිට දැනගන්න පුළුවන් වුණේ. හැබැයි මේ ගැන අපි දුවට කිව්වේ නෑ.
මේ රෝගයට අපි සිංහල බෙහෙත් කළා. පෞද්ගලික රෝහලක නතර කරගෙන බෙහෙත් කළා. ඒත් දුවව බේරගන්න බැරිවුණා.
2016.08.29 දිනද කවීෂා මෙලෙස සටහනක් තබා තිබුණා.
" මාව රෝහලේ නවත්තන්න කියලා දොස්තර කිව්වා. මාව රෝද පුටුවේ තියලා අරන් ගියා. අවුරුදු 12 දී රෝද පුටුවේ යන්න වුණේ ඇයි කියා මට දුක හිතුණා.
මගේ ලෙඩේ ගැන අම්මි දැනගත්තු දවසේ අම්මාට සිහි නැති වුණා. මට බෙහෙත් විදිනකොට අම්මි අහක බලන් අඩනවා.
හැමදාම ලේ ගන්නවා. බේත් විදිනවා. මගේ දිග කොණ්‌ඩය යන්න ගත්තා. කොණ්‌ඩේ පීරද්දි අම්මා අඬනවා. තාත්තා කියනවා බේත්වලට කොණ්‌ඩේ ගියාට ආපහු එනවා කියලා. අම්මට, තාත්තට, අයියාට හරියට කෑමක් බීමක්‌වත් නෑ. මාත් එක්‌කම දුක් වෙවී ඉන්නවා.
ජීවිතේ සමහට වෙලාවට අපිට හිතවත් අපි ආදරේ කරන අය අපෙන් වෙන්වෙලා යන්නේ මුළු ජීවිත කාලයටම මතකයක් ඉතිරි කමින්.
පුංචි කවීෂාට හැදුනු අසනීපය ගැන එයාට නොකිව්වත් ඒ හැමදේම පුංචි කවීෂා දැනගෙන හිටියා කියලා මේ සටහන්වලින් හොඳටම තේරෙනවා.

උපුටා ගැනීම :- ww.rategossip.com
ayyo i dont like to read these things. sooo sad
ReplyDelete