ජයලලිතාගේ දේහය ඇයගේ දිගුකාලීන පෙම්වතාගේ සොහොන අසලට.
අභාවප්‍රාප්ත වූ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රාන්ත රජය මගින් ඊයේ ප්‍රකාශයට පත් කළා. එම කාලය තුළ සියලූම රජයේ ගොඩනැගිලිවල ජාතික ධජ අඩකුඹු කර තැබිය යුතු අතර, නිළ විනෝදාස්වාද කටයුතු තහනම් වනවා.
තමිල්නාඩුවේ පාසල් ඇතුළු සියලු අධ්‍යාපන ආයතන දින 3ක් වසා තැබෙන අතර යාබද පුදුචෙරි ප්‍රදේශයේ ද සියලූම රජයේ කාර්යාල සහ අධ්‍යාපන ආයතන අද වසා තැබෙන්නේ ජයලලිතාට බුහුමන් දැක්වීමක් වශයෙන්.
ජයලලිතා ජයරාම්ගේ දේහය අද පස්වරුවේ චෙන්නායි හි මරීනා බීච්,වෙරළාසන්නව මිහිදන් කෙරෙන්නේ ඇගේ දිගුකාලීන සිනමාවේ පෙම්වතා වූ එම්.ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර්.ගේ සොහොනට යාබදවයි.
උපුටා ගැනීම :- hirunews.lk

Post a Comment