BREAKING NEWS

s

10/12/2016

කුරුලෑ වලට ඔබ කිසි දිනක නොසිතන ආකාරයෙ නියම අත් බෙහෙතක්

කුරුලෑ වලට ඔබ කිසි දිනක නොසිතන ආකාරයෙ නියම අත් බෙහෙතක් 



කුරුලෑ කියන්නේ තරුණ වයසේ ඉන්න ඕනෑම කෙල්ලෙක් කොල්ලෙක් මුණ දෙන ප්‍රශ්නයක්.
නමුත් සමහරුන්ට මේ ප්‍රශ්නෙ දැඩිව බලපානව අපි දැකල තියනවා. අපි හැමෝම කැමති නෑ කුරුලෑ වලින් අපේ මුහුණ අවලස්සන වෙනවට. එහෙනම් ඊට අදාළ ප්‍රතිකාර ගැන ඔබ දැනුවත්ව සිටීම වැදගත්.
බොහෝවිට අපි කෘත්‍රිම ආලේපන භාවිතයටනේ පුරුදු වී සිටින්නේ. නමුත් එවැනි ආලේපන වලි
න් ඇති
වන අහිතකර ප්‍රතිපල බොහොමයක් තියනවා. එම ආලේපන වෙනුවට සමට හිතකර දේශීය ශාකසාරවලින් පිරි ඖෂධයක් ඔබේ අතින්ම සාදා ගන්න පුලුවන්නම් ඒක වටිනවා. මේ එවැනි ආලේපනයක් සාදාගන්න ආකරයයි.
මේ සඳහා අවශ්‍ය වන්නේ
* වෙනිවැල්ගැට හෝ කහ කැබැල්ලක් නැත්නම් වෙනිවැල්ගැට කුඩු හෝ කහ කුඩු ස්වල්පයක්
* උතුරා ගන්නා ලද ජලය
* දෙහි කැබැල්ලක්
පළමුව වෙනිවැල්ගැට හෝ කහ කැබැල්ලක් ගෙන හොඳින් සෝදා වතුරට දමා හොඳින්තම්බා ගන්න. පසුව එම වතුර නිවෙන්නට හැර මඳ රස්නයෙන් මුහුණ සෝදා හරින්න.මෙහිදී වෙනිවැල්ගැට වෙනුවට වෙනිවැල් කුඩු ද කහ කැබැල්ල වෙනුවට කහ කුඩු දඋතුරා ගන්නා ලද ජලයට මිශ්‍රකර සාදා ගත් ඖෂධීය දියරයෙන් ද ඔබට මුහුණ සෝදා ගතහැකියි. වෙනිවැල් ගැට කුඩු හා කහ කුඩු ආයුර්වේද ඖෂධ විකුණන ස්ථානයකින් ලබාගත යුතුයි.
මෙම ඖෂධීය දියරය භාවිතයට ගැනීමට පෙර ඊට දෙහි බිංදු කීපයක් මිශ්‍ර කිරීමටමතක තබාගන්න. මේ ආකාරයට සාදා ගන්නා ලද ඖෂධීය දියරයෙන් දවසට තෙවරක් මුහුණසෝදනවා නම් මුහුණේ ඇතිවී තිබෙන කුරුලෑ ලප කැළැල් ඉතාමත් ඉක්මනින් ඉවත්කරගැනීමට ඔබට හැකියාව ඇත.
මෙම ඖෂධීය දියරය භාවිත කළ හැකිවන්නේ මුහුණ සෝදා පිරිසුදු කිරීමට පමණයි.ඒත් මුහුණෙහි ආලේප කළ හැකි ආයුර්වේද ආලේපන වර්ගයන් ද මේ ආකාරයටම නිවෙසේදීම පිළියෙළ කරගත හැකියි.
ඒ සඳහා අවශ්‍ය වන්නේ
* සුදු හඳුන් කුඩු * වෙනිවැල්ගැට කුඩු
* කොහොඹ කොළ ඉස්ම * කෝමාරිකා මදයේ ඉස්ම
සුදු හඳුන් කුඩු හා වෙනිවැල්ගැට කුඩු සිංහල ආයුර්වේද ඔසු සලකින් ඔබට අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගත හැකියි.
පළමුව සුදු හඳුන් හා වෙනිවැල්ගැට කුඩු ස්වල්පයක් ගෙන ඊට කොහොඹ කොළ ඉස්මසුළු ප්‍රමාණයක් එකතු කරන්න. කොහොඹ කොළ ඉස්ම ඉතාමත් දියාරුවට සාදාගත් ඉස්මවිය යුතු බව මතක තබාගන්න. මෙම ද්‍රව්‍ය සියල්ල හොඳින් ඊට කෝමාරිකා මදයේඉස්ම ස්වල්පයකුත් එකතු කරන්න. පසුව මෙම මිශ්‍රණය පේස්ට් එකක් ආකාරයට සාදාමුහුණේ ආලේප කළ හැකියි. මෙය මුහුණේ ආලේප කිරීම පිළිබඳත් ඔබට යමක් සඳහන් කළයුතුයි. ඔබ භාවිත කරන අනෙකුත් ආලේපන සේ මෙම ආලේපනය දිනපතා මුහුණේ ආලේපකිරීම යම් විටක ඔබේ සමට අහිතකර වන්නට පුළුවන්. එම නිසා වඩාත් සුදුසු වෙන්නේසතියකට වතාවක් මෙම ආලේපනය මුහුණෙහි ආලේප කිරීමයි.
වෙනිවැල්ගැට සුදුහඳුන් වලට අමතරව දේශීය ඖෂධීය ශාකයක් වන නික මල්භාවිතයෙන් ද සමෙහි ඇතිවන ලප කැළැල් ඉවත්කර ගත හැකියි. නික මල් ස්වල්පයක්ගෙන පිරිසුදු ඇල් දියට දමා සෝදා පසුව ඇල් දියෙන් නික මල් ස්වල්පය සියුම්වඅඹරා මුහුණෙහි ආලේප කරන්න.
ඊට අමතරව පිටවක්කා නමින් හඳුන්වන දේශීය ඖෂධීය ශාකය භාවිතයෙනුත් මේ ආකාරයටම ආයුර්වේද ආලේපනයක් සාදා මුහුණේ ආලේප කළ හැකියි.
ඊට අවශ්‍ය වන්නේ
* පිටවක්කා කොළ
* සේලයින් වතුර හෝ පිරිසුදු වතුර
පිටවක්කා කොළ කිහිපයක් ගෙන ඊට සේලයින් වතුර හෝ පිරිසුදු වතුර ස්වල්පයක්එකතු කරන්න. පසුව එම ද්‍රව්‍ය අඹරා දියාරු ආලේපනයක් ආකාරයට සාදා මුහුණේගල්වා ගන්න.

Image result for acne 

උපුටා ගැනීම: ජීවක වෙද අසපුව Facebook page  

Post a Comment

 
Copyright © 2013 Paththara Visthara
Shared by Themes24x7Powered byBlogger