BREAKING NEWS

s

10/04/2016

ලිංගිකත්වය සඳහා ආකර්ෂණයක් ඇතිවන්නට නම් පිරිමින් ලග මෙන්න මේවා තියෙන්න ඕනේ.

ලිංගිකත්වය සඳහා ආකර්ෂණයක් ඇතිවන්නට නම් පිරිමින් ලග මෙන්න මේවා තියෙන්න ඕනේ.



ලිංගිකත්වය සඳහා ආකර්ෂණයක් ඇතිවන්නට නම් පිරිමින් ලග මෙන්න මේවා තියෙන්න ඕනේ.

දැලි ‍රැවුල වැවි, උගුරු දණ්ඩ මදක් උස්වී, ඒ සමග අතපය මෝරා වැඩුණු අපට ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ ඉතා සුලුවෙනසක් උවද මැනවින් දැකගත හැකි වුයේ මිශ්‍ර පාසලක අධ්‍යාපනය හැදැරු නිසා වන්නට ඇත. අපට සමානව ඔවුන්ගේද සිදුවු යම් වෙනස්කම් කිහිපයක් විය. ඒ අතර පාසල් ගවුමෙන් ඉහලට දළුලා වැඩෙන පියයුරු හා ඔවුන්ගේ සුමියුරු නාද රටාවන් අපගේ මනස මේ වෙනස පිලිබඳ සොයන්නට පෙලබ වු බව මතකය. පාසලේ සෞඛ්‍යය (්‍යැ්කඑය ්බා ඡයහිසජ්ක ෑාමජ්එසදබ) පොතෙන් ලැබුනු සුලු දැනුම හැරෙන්නට අපගේ දැනුම් පෝෂණය කිරීමේ කාර්යය භාරගත්තේ කටකතාය. විශේෂයෙන් සමහර සිසුන් අමතර පන්ති ‍තෝරා ගැනීමේදී, මෙම අධ්‍යාපනයටද ඉඩක් දෙන පන්තියක් ‍තෝරා ගන්නට අමතක නොකලේ පංතියේ අනෙකුත් සිසුන්ගේද දැනුම් පිපාසය සන්සිඳුවන මහගු පුණ්්‍යකර්මයට දායක වන්නට මෙනි. ඒ අතර ඉද හිට පාසලට හොරා ගෙන ආ සමහර පුවත්පත්වල ඡේදයක් පවා අපේ දැනුම පිපාසයට ඕනැවටටත් වඩා ප්‍රමාණවත් විය. ඒ දිනවල අපගේ වැඩි අවධානය යොමුවුයේ පුවත්පත්වල ලිංගික ගැටලු වෙතය. කලයත්ම තාක්ෂණයේ දියුණුවත් සමග ඉදහිට ජංගම දුරකතන වල පිහිටෙන් හඳුනාගත් වෙබ් අඩවි (චදරබ ඇඉ ිසඑැි) කිහිපයකට යාමට අපට හැකිවිය. කෙසේ නමුත් දැනුමේ මේරීමත් සමග හැගීම් උද්දීපන කිරීමට වඩා, වඩා විද්‍යාත්මකව ලියවුන පොත පත වෙත සිත යොමු වීම තුලින් අයාලේ ගිය මනසට යම් පන්නරයක් හා අවබෝධයක් ලබා දෙන්නට හැකිවීම යම්තාක් සතුටට කරුණකි.

මේ මා ගමන් කල මාර්ගය වුවද මෙය මා හට පමණක් විශේෂිත වුවක් නොවු බව කල්යත්ම අවබෝධ වුයේ ඉදහිට ඇතිවන සංවාද (ාසිජමිිසදබ දබ ිැං) වලදී එකතු වුනු කරුණු මගිනි. ඒ කෙසේවුවද සමාජයේ බොහෝ පිරිසක් සෙක්ස් නැතහොත් ලිංගිකත්වය නම්වු කරුණ තුල ප්‍රාථමික මට්ටමෙන් ඔබ්බට යාමට අසමත්ව ඇති බව මා හට පැහැදිලි වී තිබේ. මා මේ කතාකරනට යන්නේ ඇඩ්වාන්ස්  වෙන්නේ කොහොමද කියානම් නොවේ. ඇඩ්වාන්ස් සෙක්ස් ගයිඩ් (්ාඩ්බජැ ිැං ටමසාැ) ඕනැතරම් මමද අන්තර්ජාලය තුල දැක ඇත. ඒ නිසා ඒවා ගැන නොවේ.  අප ලිංගික අධ්‍යාපනය තුල කොතරම් ප්‍රථමිකද යන්නය. 



Post a Comment

 
Copyright © 2013 Paththara Visthara
Shared by Themes24x7Powered byBlogger