BREAKING NEWS

s

9/20/2016

ජගත් තහනම් උත්තේජක අදිකාරියේ දත්ත ගබඩාවට නැවතත් සයිබර් ප්‍රහාරයක්.සියළු විස්තර මෙතනින්

ජගත් තහනම් උත්තේජක අදිකාරියේ දත්ත ගබඩාවට නැවතත් සයිබර් ප්‍රහාරයක්.සියළු විස්තර මෙතනින් 



ජගත් තහනම් උත්තේජක අදිකාරියේ දත්ත ගබඩාවට නැවතත් සයිබර් ප්‍රහාරයක්.
ජගත් තහනම් උත්තේජක භාවිතය පිළිබඳ අධිකාරිය හෙවත් වාඩා ආයතනය පවසන්නේ මේ තත්ත්වය ඉතා බරපතල කරුණක් බවයි. එම අධිකාරියේ දත්ත ගබඩාවට දිගින් දිගටම මෙම ප්‍රහාර එල්ල කරන්නේ ඒ.පී.ටී. - 28 සහ ෆැන්සි බෙයාර්ස් ලෙස පෙනී සිටින රුසියානු හැකර්වරුන් පිරිසක්. 
ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා සොරාගෙන ඔවුන් මෙසේ අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරනවා.මේ වනවිට රටවල් 10 ක සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා වාඩා දත්ත ගබඩාවෙන් සොරාගෙන ප්‍රසිද්ධියට පත් කරන්නට මෙම රුසියානු හැකර්වරුන්ට හැකිවී ඇති බව සඳහන්. 
ඊට ඇමරිකාවේ ටෙනිස් ක්‍රීඩිකාවන් වන සෙරීනා විලියම්ස්, වීනස් විලියම්ස්, ප්‍රංශ පාපැදි සවාරියේ ශූරයා වන ක්‍රිෂ් ක්‍රොම් සහ මහා බ්‍රිතාන්‍යයේ පාපැදි ශූර බ්‍රැඩ්ලි විගින්ස් ගේ තොරතුරු ඇතුළත්. 
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් රුසියාවට එරෙහිව ජාත්‍යන්තර තරඟ තහනම් පැනවීමට එරෙහිව රුසියානු හැකර්වරුන් මෙම සයිබර ප්‍රහාර එල්ල කරමින් සිටින බවට විශ්වාස කරන බවයි ජගත් තහනම් උත්තේජක භාවිතය පිළිබඳ අධිකාරිය පවසන්නේ.




උපුටා ගැනීම http://www.hirunews.lk/


Post a Comment

 
Copyright © 2013 Paththara Visthara
Shared by Themes24x7Powered byBlogger