සාලාව පිපිරීමෙන් සිදු වූ නිවාස හානි අයට තවත් මාස තුනකට පනස් දහසේ දීමනා ලබා දීමට තීරණය කර තිබේ ....
එහිදී සාලාවේ ප්‍රදේශවාසීන් තමන් මුහුණදෙන ගැටළු සහ වන්දි ගෙවීමේ විෂමතාවන් පිළිබඳවද ඔවුන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව අදාළ අක්‍රමිකතා පිළිබඳව සොයා බලන ලෙසයි මුදල් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
උපුටා ගැනීම :- http://www.hirunews.lk
සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් නිවාස අහිමිවූ ජනතාවට තවත් මාස 3 ක කාලයක් රුපියල් 50 000 දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාළව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමඟ එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.
මුදල් අමාත්‍යවරයා, ආපදා කළමනාකරන අමාත්‍යවරයා, කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් මෙන්ම පීඩාවට පත්වූ සාලාවේ ජනතාවද සහභාගි වූ සාකච්ඡාවක් අද මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
උපුටා ගැනීම :- http://www.hirunews.lk

Post a Comment