BREAKING NEWS

s

දේශීය ප්‍රවෘත්ති

විදේශීය ප්‍රවෘත්ති

ගොසිප්

ආයුරුවේද ක්‍රම

12/21/2016

ජගත් ආරක්ෂක මණ්ඩලයේ අද සිදුවන තීරණාත්මක දේ මෙන්න.

ජගත් ආරක්ෂක මණ්ඩලයේ අද සිදුවන තීරණාත්මක දේ මෙන්න.


ඊශ්‍රායල - පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් වන යෝජනාවලියකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුල ඡන්ද විමසීමක් අද සිදුකිරීමට නියමිතයි. 

ඊශ්‍රායලයේ සිට පලස්තීනයට පැමිණෙන සංක්‍රමණිකයින් පිළිබඳ මෙම යෝජනාව ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ඊජිප්තුව විසින්. 

අද සිදුකෙරෙන මෙම ඡන්ද විමසීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඡන්දය තීරණාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 


මීට පෙර 2011 වසරේ මෙවැනිම යෝජනාවක් ආරක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අතර, එහිදී ඇමරිකාව සිය නිශේෂ බලය යොදා එය පරාජය කරනු ලැබුවා.

12/05/2016

ජයලලිතාගේ දේහය ඇයගේ දිගුකාලීන පෙම්වතාගේ සොහොන අසලට

ජයලලිතාගේ දේහය ඇයගේ දිගුකාලීන පෙම්වතාගේ සොහොන අසලට.



අභාවප්‍රාප්ත වූ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රාන්ත රජය මගින් ඊයේ ප්‍රකාශයට පත් කළා. එම කාලය තුළ සියලූම රජයේ ගොඩනැගිලිවල ජාතික ධජ අඩකුඹු කර තැබිය යුතු අතර, නිළ විනෝදාස්වාද කටයුතු තහනම් වනවා.

 තමිල්නාඩුවේ පාසල් ඇතුළු සියලු අධ්‍යාපන ආයතන දින 3ක් වසා තැබෙන අතර යාබද පුදුචෙරි ප්‍රදේශයේ ද සියලූම රජයේ කාර්යාල සහ අධ්‍යාපන ආයතන අද වසා තැබෙන්නේ ජයලලිතාට බුහුමන් දැක්වීමක් වශයෙන්. 
ජයලලිතා ජයරාම්ගේ දේහය අද පස්වරුවේ චෙන්නායි හි මරීනා බීච්,වෙරළාසන්නව මිහිදන් කෙරෙන්නේ ඇගේ දිගුකාලීන සිනමාවේ පෙම්වතා වූ එම්.ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර්.ගේ සොහොනට යාබදවයි.

උපුටා ගැනීම :- hirunews.lk

11/20/2016

ලංකා බැංකුවේ පුරප්පාඩුමේ මෙන්න සියලුම විස්තර උසස්පෙළ විෂයන් 3ක් සමත්නම් අයදුම් කරන්න

ලංකා බැංකුවේ පුරප්පාඩුමේ මෙන්න සියලුම විස්තර උසස්පෙළ විෂයන් 3ක් සමත්නම් අයදුම් කරන්න.






11/19/2016

යුද්ධයේදී වම් ඇස අහිමිවී එදා කොළඹ උද්ඝෝෂණයේදී දකුණු ඇසත් අහිමි වූ ආබාධිත හමුදා සෙබළා ගැන සැඟවූ කතාවක් එළියට..

යුද්ධයේදී වම් ඇස අහිමිවී එදා කොළඹ උද්ඝෝෂණයේදී දකුණු ඇසත් අහිමි වූ ආබාධිත හමුදා සෙබළා ගැන සැඟවූ කතාවක් එළියට..



පසුගිය දිනෙක කොළඹ කොටුවේදී විශ්‍රාමික ආබාධිත හමුදා සෙබළුවන්ට කඳුලූ‍ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීම සම්බන්ධයෙන් පොලිසියට දැඩි දෝෂාරෝපණ එල්ල වුණා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පවා කතාබහක් ඇතිවුණු අතර කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ආබාධිත සෙබලූ‍න් කිහිපදෙනෙකුම තුවාල ලැබුණා. ඒ අතරන් එක් ආබාධිත සෙබලෙකු බරපතල ලෙස තුවාල ලැබූ අතර වහාම ක්‍රියාත්මක වී ඔහුව රෝහල් ගතකළා.

පසුව වාර්තාවුණේ එම තුවාලය නිසාවෙන් ඔහුගේ ඇසක පෙනීම නැතිවගොස් ඇති බවයි. මීට පෙර යුධ පිටියේදී සිදුවූ ප්‍රහාරයක් නිසාවෙන් එම සෙබළාගේ වම් අසේ පෙනීම දුර්වල තිබුණු අතර මේ වන විට උද්ඝෝෂණය නිසා සිදුවූ තුවාලයෙන් ඔහුට දකුණු ඇසේ පෙනීමද නැතිව ගොස් තිඛෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් උද්ඝෝෂණයට පසුදාම තොරතුරු වාර්තාවුණු නමුත් කිසිදු මාධ්‍ය ආයතනයක් තුවාල ලබා ඇස අහිමිවූ හමුදා සෙබළා සම්බන්ධයෙන් පුවත පළකළේ නැහැ. ඒ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව නොදන්නා නමුත් මේ වන විට සැඟව යන්නට ගිය ඒ හමුදා සෙබළා මුහුණුදුන් අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් රිවිර පුවත්පත තොරතුරු අනාවරණය කර තිඛෙනවා.

මේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ඇස අහිමිවූ ඒ සෙබළාගේ කඳුළු කතාවයි.......

මාතර ප්‍රදේශයේ යුද්ධයෙන් ආබාධිත රණවිරුවන්ට එවන් වූ සැබෑ මිනිසකු හමු වුණේය. ඒ ඔහු 9 වැනි ගැමුණු හේවා බළඇ‚යේ සේවය කළ කෝප්‍රල් නිශාන්ත මිහිරාජ්ය. හතළිස් හැවිරිදි නිශාන්ත මිහිරාජ්ද යුදබිමේ දී ආබාධිත වූ රණවිරුවෙකි.

ඔහුගේ වම් ඇස ඛෙල්ලට හා වම් පයට මෝටාර් හා වෙඩි උණ්ඩවලට ලක් වන්නේ කිලිනොච්චිය මුදාගන්නට ඇරඹි සත්ජය මෙහෙයුමේදීය. වසර ගණනාවක් ගෙවී ‍පොළොවේ පය ගසා ඇවිදින්නට සුව වූවත් වම් ඇස පෙනුණේ යාන්තමිනි. එමෙන්ම ඛෙල්‍ලේ, ගලනාලය හා සුෂුම්නාව අතර ඉවක් කළ නොහැකි මෝටාර් කැබලි 9ක්ද ඉතිරිව ඇත. ඔහු යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නේ එවන් තත්ත්වයකය. ඔහුගේ හදවතට අබාධිතවූ රණවිරුවන්ගේ ප්‍රශ්න ගැටලූ‍ ඔහුගේ ප්‍රශ්නසේ දැනුණේ ඔහු ඒ අත්දැකීම විඳි නිසාය. ඔහුගේ කතාවට සමානව කතාවක් ජීවිත සටනට මුහුණදෙන මේ සෑම රණවිරුවෙකුටම ඇති නිසාය.

නිශාන්ත මිහිරාජ් මාතර අකුරැස්සේ ඉපිද අකුරැස්ස කනිෂ්ඨ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා පාසල් අධ්‍යාපනයට නැවතීමක් තැබුවේ කලක පටන් හිත රඳවා සිටින ප්‍රාර්ථනාවක් ඉෂ්ට කර ගැනීමේ අරමුණෙනි. ඒ හමුදා සේවයට එක්වීමටයි.

—මට රටේ තිබුණ වාතාවරණය තේරෙන කාලෙ ඉඳලා හමුදාවට යන්න ලොකු ආසාවක් හිතේ තිබ්බා. කොටි ත්‍රස්ත්‍රවාදීන් කරපු සමහර සිද්ධි ඒ වයසේදීත් මාව කම්පා කළා. විශේෂයෙන් පිටකොටුවේ බස් බෝම්ඛෙ, අරන්තලා ඝාතනය වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඝාතනය, කොටි රටට අපේ මිනිස්සුන්ට මෙහෙම කරන කොට රට වෙනුවෙන් මටත් මොනවා හරි කරන්න පුළුවන් කියලා හැම වෙ‍ලේම මට හිතුණා.

මම හමුදාවට බැඳුනේ 1994 අගෝස්තු 08 වැනිදා. අම්පාර තොණ්ඩුවටුවා කඳවුරේ පුහුණු වෙලා 9 වැනි ගැමුණු හේවා බළඇ‚යට සාමාන්‍ය සෙබළෙක් විදිහට අනුයුක්ත වෙලා මුලින්ම රාජකාරියට ගියෙ කිරාන් ප්‍රදේශයට. එතනින් පුලිපංචිකල් කඳවුරේ සේවය කරලා තොප්පිගල තාරාවිකුලම් කඳවුරට ගියා. මේ කඳවුර පිහිටා තිබුණේ කැලෑව ඇතුළට කිලෝමීටර් 18ක් දුරින්. 95 අවුරුද්දේ මැයි 20 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කඳවුරට පහර දිලා මුළු කඳවුරම අල්ලා ගත්තා. ඒ වෙනකොට කඳවුරේ හිටපු 125ක් ගෙන් 25ක තිහක කණ්ඩායමක් කැ‍ලේට පැනලා බේරුණා. කෑම බිම වතුර නැතුව දවස් පහක් කැ‍ලේ ඇවිද ඇවිද පාර හොයාගෙන කිරාන් කඳවුරට ආවා. ඊට පස්සෙ වාලච්ච්නෙ කඩදාසි කම්හ‍ලේ ස්ථානගත වෙලා ක්‍රියාන්විත රාජකාරි කළා. 95 දී යාපනය මුදාගන්න සටනට එකතු වෙන්න අපි පලාලි ගියා. ඊට පස්සෙ රිවිරැස මෙහෙයුමට සම්බන්ධ වුණා.˜

එදා සිට යාපනය නගරය මුදා ගන්නා තෙක් නිශාන්ත 9 වැනි ගැමුණු හේවා බළඇ‚ සෙබළෙකු ලෙසට ක්‍රියාන්විත රාජකාරිවල යෙදුණේය. ඉන්පසු එතැන් පටන් උතුරේ වූ රිවිරැස 2 රිවිරැස 3, සත්ජය 1, 2, අකුණු පහර වැනි මෙහෙයුම්වලට දායකත්වය දැක්වූ නිශාන්ත යුදබිම තුළ ජයග්‍රාහී අත්දැකීම් මෙන්ම අතිබිහිසුණු සහ දුක්මසු අත්දැකීම් ද ලැබුවේය.

ඒ වන විටත් නිශාන්තගේ අනෙක් සොයුරන් තිදෙනාද යුද හමුදා සේවයට එක්වී සිටි අතර ඔවුහු ද කියාන්විත රාජකාරීවල යෙදී සිටියහ.

කිලිනොච්චිය මුදාගන්නා සත්ජය 3 මෙහෙයුමේ අපි හිටියේ. 96 සැප්තැම්බර් 27 වැනිදා පාන්දර තුනට විතර අපේ යුනිට් එකට දරුණු ප්‍රහාරයක් එල්ල වුණා. මට පෙනි පෙනී කට්ටිය මියගියා. මගෙ අතට වෙඩි වැදුණා. ඒත් මම සටන් කළා. තවත් ටික වෙලාවකින් ඛෙල්ලට වැදුණ මතකයි. මම දන්නේ එච්චරයි. ඊට සතියකට විතර පස්සෙ ජාතික රෝහ‍ලේදී තමයි මම ජීවතුන් අතර ඉන්නවා කියලා දැනුණේ.˜

දරුණු තුවාල ලබා සිටි නිශාන්ත ජාතික රෝහ‍ලේ මාස තුනක් පමණ ප්‍රතිකාර ලැබුවේය. මාස තුනක් යනවිට හිස කෙළින් කිරීමේ හැකියාව තිබුණ ද කතා කරන්නට හෝ වම් අත, ඛෙල්ල, හොළවන්නට හෝ ඇවිදින්නට නොහැකි විය. ජාතික රෝහලෙන් යුද හමුදා රෝහලට මාරු කෙරුණු නිශාන්ත එහිදී සැත්කම් කීපයක් සිදුකර පනාගොඩට මාරු කෙරුණේය. ඒ භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහාය. අනතුරුව කථන චිකිත්සක ප්‍රතිකාර සඳහා නැවත ඔහු යුද හමුදා රෝහලට ද ආවේය.

—මට වචනයක්වත් කතා කරගන්න බැරුව තිබුණේ යුද හමුදා රෝහ‍ලේ ශිරානි ජෝශප් ද සේරම් මැඩමුයි, ලිලී කොබ්බෑකඩුව මැඩමුයි මට කතා කරන්න මතකය ගන්න, ලියන්න උදව් කළා. 97 අප්‍රේල් මාසෙ වගේ වෙනකොට මට වචන දෙක තුන කතා කරන්න පුළුවන් වුණා. 97 මාව රණවිරු සෙවණට අනුයුක්ත කළා. රාගම රණවිරු සෙවණෙ පුනරුථාපනය වෙලා ප්‍රතිකාර ලබා රාජකාරි කළා.

ජීවිතය අසරණවී සිටි නිශාන්තට ඉරණම්කාරිය හමු වන්නේද මේ කාලයේය. ඇය බි. එම්. දමයන්තිය. එකල ඇඟලූ‍ම් කම්හලක රැකියාව කළ දමයන්ති බසයේදී දුටු නිශාන්ත අපහසුවෙන් වචන ගළපනු දැක ඔහු ආබාධිත හමුදා සොල්දාදුවෙකු බව දැනගත් පසුව නිශාන්තට ආදරය කරන්නට ගත්තාය. ඒ ආදරය විවාහයක් දක්වා ආවේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකොට ආබාධිත වූ ඔහුට අත්වැලක් වීම සැබෑ ආදරය බව සිතූ නිසාය.

—අවුරුදු 4ක් රාගම ඉඳලා තුවාල හොඳ වෙලා මම ආයෙත් කිලිනොච්චිය ඒකකයට යනවා. ඒ ගියාට වම් අතින් වැඩ කරන්න බෑ. ඛෙල්ල හරවන්නත් බෑ. වම් ඇහේ පෙනීමත් දුර්වල මට්ටමක තිබුණේ.

මම එහෙ සැහැල්ලූ‍ මෙහෙයුම් රාජකාරි කළේ. ඒත් මට හෙල්මට් එක දාන්න බැරි නිසා මාව කුරුවිටට එව්වා. කුරුවිට රාජකාරි කරගෙන ඉඳලා යුද්දෙ අවසාන වුණාට පස්සෙ ඔක්තෝබර් මාසේ වෛද්‍ය හේතුන් හා සියයට හැටක් නොහැකියාව හා අපහසුතා මත මම විශ්‍රාම ගියා. මම ඒ වෙනකොට අපිට පුංචියට ගෙයක් හදලා තිබ්බේ. බිරිඳ දරුවන් සමග හිටියෙ ඒ ගෙදරමයි.˜

නිශාන්තට ඒ වනවිට පුතුන් තුන් දෙනෙක් සිටියහ. හේෂාන් ළහිරු අද දහඅට වියේ පසුවේ. ඔහු සර්වේෂස් විදුහ‍ලේ උසස් පෙළ පන්තියෙත් මහ‍ෂේ ඉසුරු එම පාස‍ලේම 9 වසරේත් ඉගෙන ගනිති. චමත් චින්තක පුතු මාතර රාහුල විද්‍යාලයේ 6 වසරේ ඉගෙන ගනියි.

—මම විශ්‍රාම අරන් බිරිඳ හා දරුවන් සමග සාමාන්‍ය විදිහට ජීවත් වුණත් මම දැක්කා මම ඇහුව තවත් ආබාධිත රණවිරුවන් මියගිය රණවිරු පවුල් ඉන්නවා විවිධාකාර ප්‍රශ්නවලට මැදි වුණ, රණවිරු සේවා අධිකාරියටවත් ඒ සමහර ප්‍රශ්න විසඳන්න බෑ. මාතර රණවිරු සංසදවලට එකතු වෙලා ඔවුන් නගා සිටුවන්න මං සහයෝගය දුන්නත්, ඒක නිෂ්ඵලයි කියලා දැනුණා. ඒ නිසා මම මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල 16ක් එකතු කරලා ‘නිල්වලා රණවිරු එකමුතුව’ පිහිටෙව්වා. 2014 ඔක්තෝබර් 15 වැනිදා. අපේ රණවිරු එකමුතුවක් එක්ක හම්බන්තොට රණවිරු එකමුතුවත්, රත්නපුරේ මිනිපුර අබිමන් රණවිරු එකමුතුවත් එකතු වුණා.

ඊට පස්සේ තමයි අපි මුළු ලංකාවෙම ඇවිදලා ලංකාව පුරාම දිස්ත්‍රික්කවල රණවිරු පවුල් එකතු කරලා රණවිරු සංවිධාන පිහිටෙව්වේ.˜

නිශාන්ත ඇතුළු නිල්වලා රණවිරු එකමුතුවට අවශ්‍ය වූයේ මුළු ලංකාවෙම ආබාධිත හා දිවි පිදූ රණවිරු පවුල් වෙනුවෙන් කතා කරන්නට ශක්තිමත් රණවිරු එකමුතුවකි. ඒ නිසා 2016 මාර්තු 23 වැනිදා ඔවුන් ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරයේදී සමස්ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව නමින් ජාතික සංවිධානයක් පිහිටුවා ගත්තේය.

ආබාධිත වී විශ්‍රාම ගන්නා විට සක්‍රිය සේවා කාලය වසර 10ක් සම්පූර්ණ නොකළ හමුදා නිලධාරීන්ට හා සක්‍රිය සේවා කාලය වසර 12ක් සම්පූර්ණ නොකළ සෙසු නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් ලැඛෙන්නෙ නෑ. ඒක මේ වෙනකොට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබුණේ. සක්‍රිය සේවා කාලය 10, 12 සම්පූර්ණ නොවුණු අයට අවුරුදු 55 වනතුරු වැටුප ලැඛෙන එක ඇත්තයි. ඒත් අවුරුදු 55න් පස්සේ ඒ වැටුප නවතිනවා. එතකොට ආබාධිත රණවිරු දීමනාවක් කියලා රුපියල් 12000ක් විතර ලැඛෙනවා.

එවන් පුද්ගලයකු වයස 55 වෙන්නට කලින් මියගියොත් වැටුප එහෙමම නවතිනවා. එතකෙට බිරිඳට හා දරුවන්ට ලැඛෙන්නේ යැපෙන්නන්ගේ දීමනාව කියන 15000ක වගේ මුදලක්.

අපේ පළවෙනිම අරමුණ රණවිරු පවුල ආරක්ෂා කිරීම. ඒ නිසයි අපි කියන්නේ සේවා කාලයට වයස සීමා කරන්නේ නැතුව ආබාධිත රණවිරුවන්ට යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබා දෙන්න කියලා. 2015 ජූලි 30 වැනිදා ඒ යෝජිත සේවා වැටුප නීතිගත වෙලා තියෙනවා. ඇත්තටම මේ අය ආබාධිත නොවුණා නම් වසර 10ක් 12ක් නොවේ විශ්‍රාම යනතුරු වුවත් හමුදා රාජකාරි කරයි. ඒක කරන්න නොවී අඩු සේවා කාලයකින් අයින් වෙන්නෙ රට වෙනුවෙන් සටන් කරන්න ගිහිල්ලනෙ.

ඇත්තටම මේක අදට බලපාන ප්‍රශ්නයක් නොවේ. මොකද අදට වැටුප ලැඛෙනවා. තව ඒ වැටුපටම රුපියල් හය හත් දාහක් එකතු වෙනවා. ආබාධිත දීමනාව කියලා. මේ ප්‍රශ්නෙ බලපාන්නෙ හෙටටයි. මේ වැටුප නැති වෙන්නෙ ඒ හෙට කියන අවුරුදු 55න් පසුව හෝ ඊට කලින් රණවිරුවා මියගියොත් තමයි.˜

මේ කරුණු කාරණා පිළිබඳ රජය දැනුම්වත් කිරීමෙන් පසුව සියලූ‍ රණවිරු සංවිධාන ආරක්ෂක අමාත්‍යාංශයට ගෙන්වා 2016 මැයි 27 වැනිදා සාකච්ඡා කළ බව නිශාන්ත කියයි. ආරක්ෂක අමාත්‍යවරයා ත්‍රිවිධ හමුදාපතිවරු, විශ්‍රාම වැටුප් ජනරාල් ආරක්ෂක ‍ලේකම්වරයා වැනි වගකිවයුතු පිරිස් ඒ සාකච්ඡාවට සහභාගි වූ බවත් කියයි.

—සාධාරණ ඉල්ලීම්වලට අපට විසඳුම් දෙන්න එකඟ වුණා. ඒත් කාලෙ ගෙවුණා විතරයි. නිසි විසඳුම් ලැබුණේ නෑ. ඒ නිසා 2016 ජූලි 25 වැනිදා මාතර වසන්ත ප්‍රමුඛව වසර 12ක සක්‍රිය සේවා කාලයට අඩු ආබාධිත රණවිරු කණ්ඩායම පිටකොටුව දුම්රිය පළ ළඟට ඇවිත් විශ්‍රාම වැටුප් ඉල්ලා උද්ඝෝෂණය කළා. එදා දුමින්ද දිසානායක ඇමැතිවරයා ඇවිත් කිව්වා —මනුෂ්‍යයන් වගේ කටයුතු කරන්න ජනාධිපතිතුමා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඉන්නෙ මාස තුනක් ඇතුළත ප්‍රශ්නෙ විසඳන්න ‍පොරොන්දු වෙනවා, කියලා. ඒ නිසා කට්ටිය උද්ඝෝෂණය නැවැත්තුවා.

නමුත් ඒක වුණේ නෑ. මාස තුනක් යනතුරුත්. ඒ නිසා වසන්ත ආයෙත් සේවා කාලය 12ට අඩු ප්‍රශ්නය අරගෙන ජාතික බලවේගය නමින් මාතර රණවිරු එකමුතුව හරහා සියලූ‍ම රණවිරු සංවිධාන එක්ක ඔක්තෝබර් 31 වැනිදා මතෛන්ට එනවා. ඒ ඇවිත් සාමකාමී පෙළපාළියකින් ‘විශ්‍රාම වැටුප කෝ’ අසමින් ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයට ගියා. බැරියර් දාලා මග හරස් කරලා තිබ්බා. හතර පස් දෙනෙක් ඇතුළට අරන් සාකච්ඡා කළා. අවසානයේ කියලා තිබුණේ නීතිගත වෙලා තිබුණ විශ්‍රාම වැටුප වෙනුවට දීමනාවක් දෙන්නම් කියලයි. ඒකට නොවැම්බර් 2 වැනිදා ආරක්ෂක ‍ලේකම් කාර්යාලය ළඟට ආරක්ෂක ‍ලේකම් සහ ජනාධිපති ‍ලේකම් ආවා. —දෙන්න පුළුවන් උපරිම දීලා තියෙන්නේ තවත් ඉල්ලන්න එපා. මේකෙ දේශපාලනයක් තියෙනවා˜ කිව්වා. ඇත්තටම අපට දැනුණේ වේදනාවක්. අපි ඒ වෙලාවේ ඉල්ලා හිටියා රටට ආදරේ කරන ඕන කෙනෙක් අපට සහයෝගය දෙන්න කියලා. අපේ ඉල්ලීමට දේශපාලඥයන් කීප දෙනෙක් සහ මහ සංඝරත්නයත් වැඩම කළා.˜

උද්ඝෝෂණයකට පැමි‚ ඔවුහු ඉල්ලීම් ලැඛෙනතුරු මාරාන්තික උපවාසයක් කරන්නට පටන් ගත්හ. උපවාසය අතරතුර අසාධ්‍ය වූ ආබාධිත රණවිරුවන් 4 දෙනෙකු රෝහල් ගත කර තිබු‚.

රජය උපවාසය ගැන සැලකිල්ලක් දැක්වූවේ නෑ. කරන්න දෙයක් නැති තැන අපි ගෝල්පේස් ඉඳලා උපවාස කරන අය හිටපු කොටුවට එන්න ආවා. මේ ප්‍රශ්නෙ සාමකාමීව විසඳගන්න කොහාටද යන්නෙ කියලා අරමුණක් තිබ්ඛෙ නෑ. ඒ එන්න හදනකොට බැරියර් දාලා, කැරලි මර්දන වගේම ජල ප්‍රහාර, කඳුළු ගෑස් සියල්ල සූදානම් වෙලා තිබ්බේ. අපි කොටුවට එන්න හදන බව ආරංචි වෙලා හතර පස් දෙනෙකුට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ආරාධනා කළා සාකච්ඡාවකට. ඔවුන් ගිහින් එනතුරු අපි ගෝල්ෆෙස් එකේ හිටියා.

සාකච්ඡාවට ගිය පිරිස එන්න පමා වුණා. අපි හිතුවා ඒ අය අත්අඩංගුවටවත් අරන්ද? කරදරයක්ද කියලා. ඒ නිසා උපවාසයේ යෙදෙන අය සිටින පිටකොටුවට එන්න පිටත් වුණා. හරියටම ආරක්ෂක ‍ලේකම් කාර්යාලය ඉදිරිපිටින් එද්දී කඳළු ගෑස්, ජල ප්‍රහාර වැදුණා. බැරියර් පෙරළගෙන අපේ අය ආවා. මට ඕන වුණා ‍පොලිස් නිලධාරීන්ට කරදර කරන්න එපා කියන්න. අපිට ඒ වෙනකල් කිසිම ‍පොලිස් නිලධාරියෙක්ගෙන් කරදරයක් වෙලා තිබ්ඛෙ නෑ. මම ඒක කියන්න ඉස්සරහට යනකොටම ඔළුවට වැදිලා වැටුණෙ.

කඳුළු ගෑස් උණ්ඩයක් හිසට වැදීමෙක් හිස දරුණු ලෙස පුපුරා ගිය නිශාන්ත මිහිරාජ් වහා ජාතික රෝහලට ගෙන ගොස් ඇත. පාන්දර 2.00 වනතුරුත් ඔහුගේ හිසේ සැත්කමක් සිදු කළ බව කියයි.

—මොළේට යනකල් ඔළු කට්ට පුපුරලා තිබ්බා. පහුවදා මාව අක්ෂි රෝහලට යැව්වා. මගේ දකුණු ඇහැ සම්පූර්ණයෙන් තුවාල වෙලා. ඇහැට ප්‍රතිකාර ලබාගෙන ජාතික රෝහලට ඇවිත් 9 වැනිදා යුද හමුදා රෝහලට ගියා. ආයෙ 11 වැනිදා අක්ෂි රෝහලට ආවා. සිකුරාදා වනතුරු මං අක්ෂි රෝහ‍ලේ හිටියා. මේ වෙනකොට මගේ දකුණු ඇහැ පේන්නෙත් නෑ.

මට ප්‍රතිකාර කරන අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා මහතා දැනුම් දුන්නා. ලංකාවේ මේ ඇහැට පෙනීම ගන්න බෑ. ඒකට ඉන්දියාවේ හෝ සිංගප්පූරුවේ පුළුවන් කියලා. යුද හමුදා රෝහ‍ලේ අධ්‍යක්ෂතුමා අද මට කිව්වා මගේ ඇහැ හොඳ කරන්ඩ පුළුවන් කොහෝ හරි රටකට යවලා ඇහැ හොඳ කරන බවට යුද හමුදාපතිතුමා දැනුම්දී ඇති බව. මොනවා වුණත් මගේ වම් ඇහැ යුද්ධයෙන් මට පෙනීම දුර්වල කළා. දකුණු ඇහැ මේ අවස්ථාවේ මට අහිමි කළා. පිටරටකින් හෝ ඇහැට පෙනීම ගන්න පුළුවන් වුණොත් ඒක මට, මගේ පවුලට, මේ ආබාධිත රණවිරුවන්ට යහපතක්. මොකද තාම රණවිරුවන්ගෙ ප්‍රශ්නෙ විසඳිලත් නෑ. මගේ බිරිඳ මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ මේ වෙනකොට නඩුවක් ගොනු කරලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් කිසිදු අයකිරීමකින් තොරව පෙනී හිඳින්නේ නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න සර්.˜

කෙනෙකුට ඇස ජීවිතය සේම වටින්නේය. රට වෙනුවෙන් සටන් බිමට ගොස් ආබාධිතවූ නිශාන්තට දැන් එක් ඇසක් නැත්තටම නැත. ඔහුගේ ඇසට විදේශයකින් හෝ පෙනීම ලබා ගන්නට හැකියාව තිබුණොත් එය ඔහු ජීවිත කාලයටම ලබනා වාසනාවකි.

සංවාදය - බියංකා නානායක්කාර

10/12/2016

ඔබගේත් හිසකෙස් සුදු පැහැ ගැන්විලාද එහෙනම් මෙන්න විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න විශ්මිත සත්කාරය

ඔබගේත් හිසකෙස් සුදු පැහැ ගැන්විලාද එහෙනම් මෙන්න විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න විශ්මිත සත්කාරය


මෙන්න සුදු කෙස් ටික කලූ කරගන්න අපේ ගොඩාක් අය බොහෝ දුක් විදිනවා ඒත් සාර්ථක ප්‍රතිඵලයක් නම් ලැඛෙන්නේ නැතිව ඇති වෙළදපොළේ තියෙන නොයෙක් නිෂ්පාදනවලට රැවටිලා කෙස් ටිකක් නැති කරගෙන ඉන්නවා නම් අද ලිපිය ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි’ ගෙදරදීම සාදාගත හැකි මෙම වට්ටෝරුව මගින් ඔබේ සුදුකෙස් ස්වබාවිකවම ක`එ කරගත හැකිවනවා සේම කෙස් වර්ධනය වේගවත් කරනවා’

හොදයි බලමු මේ සදහා ඕනිකරන ද්‍රව්‍ය මොනවාද කියලා

රතු ලූණු ගෙඩි 5ක්
සුදු`එණු බිකි 10ක්
ලොකු `එණු ගෙඩියක්
පොල්තෙල් මිලිලීටර් 300 ජ් 400
කරපිංචා කොළ 10ක්

දැන් මේ ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරගන්න එයට පොල්තෙල් එක් කරන්න’දැන් එය මිනිත්තු කිහිපයක් රත් කරගන්න’මිශ්‍රණය ක`එ පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න’එය නිවුණු පසු බෝතලයකට දමන්න’පසුව ඔබ් හිසකෙස් හා හිස්කබල මත මිශ්‍රණය මෘදුව සම්බාහනය කරන්න’විනාඩි 30ක් රැදි සිටින්න’පසුව සෝදා හරින්න’

මේ වට්ටෝරුව ඔබේ කෙස් ස්වභාවිකව කලූ කරන අතර කෙස් වර්ධනය සදහා ද උපකාරි වනවා’


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 

කුරුලෑ වලට ඔබ කිසි දිනක නොසිතන ආකාරයෙ නියම අත් බෙහෙතක්

කුරුලෑ වලට ඔබ කිසි දිනක නොසිතන ආකාරයෙ නියම අත් බෙහෙතක් 



කුරුලෑ කියන්නේ තරුණ වයසේ ඉන්න ඕනෑම කෙල්ලෙක් කොල්ලෙක් මුණ දෙන ප්‍රශ්නයක්.
නමුත් සමහරුන්ට මේ ප්‍රශ්නෙ දැඩිව බලපානව අපි දැකල තියනවා. අපි හැමෝම කැමති නෑ කුරුලෑ වලින් අපේ මුහුණ අවලස්සන වෙනවට. එහෙනම් ඊට අදාළ ප්‍රතිකාර ගැන ඔබ දැනුවත්ව සිටීම වැදගත්.
බොහෝවිට අපි කෘත්‍රිම ආලේපන භාවිතයටනේ පුරුදු වී සිටින්නේ. නමුත් එවැනි ආලේපන වලි
න් ඇති
වන අහිතකර ප්‍රතිපල බොහොමයක් තියනවා. එම ආලේපන වෙනුවට සමට හිතකර දේශීය ශාකසාරවලින් පිරි ඖෂධයක් ඔබේ අතින්ම සාදා ගන්න පුලුවන්නම් ඒක වටිනවා. මේ එවැනි ආලේපනයක් සාදාගන්න ආකරයයි.
මේ සඳහා අවශ්‍ය වන්නේ
* වෙනිවැල්ගැට හෝ කහ කැබැල්ලක් නැත්නම් වෙනිවැල්ගැට කුඩු හෝ කහ කුඩු ස්වල්පයක්
* උතුරා ගන්නා ලද ජලය
* දෙහි කැබැල්ලක්
පළමුව වෙනිවැල්ගැට හෝ කහ කැබැල්ලක් ගෙන හොඳින් සෝදා වතුරට දමා හොඳින්තම්බා ගන්න. පසුව එම වතුර නිවෙන්නට හැර මඳ රස්නයෙන් මුහුණ සෝදා හරින්න.මෙහිදී වෙනිවැල්ගැට වෙනුවට වෙනිවැල් කුඩු ද කහ කැබැල්ල වෙනුවට කහ කුඩු දඋතුරා ගන්නා ලද ජලයට මිශ්‍රකර සාදා ගත් ඖෂධීය දියරයෙන් ද ඔබට මුහුණ සෝදා ගතහැකියි. වෙනිවැල් ගැට කුඩු හා කහ කුඩු ආයුර්වේද ඖෂධ විකුණන ස්ථානයකින් ලබාගත යුතුයි.
මෙම ඖෂධීය දියරය භාවිතයට ගැනීමට පෙර ඊට දෙහි බිංදු කීපයක් මිශ්‍ර කිරීමටමතක තබාගන්න. මේ ආකාරයට සාදා ගන්නා ලද ඖෂධීය දියරයෙන් දවසට තෙවරක් මුහුණසෝදනවා නම් මුහුණේ ඇතිවී තිබෙන කුරුලෑ ලප කැළැල් ඉතාමත් ඉක්මනින් ඉවත්කරගැනීමට ඔබට හැකියාව ඇත.
මෙම ඖෂධීය දියරය භාවිත කළ හැකිවන්නේ මුහුණ සෝදා පිරිසුදු කිරීමට පමණයි.ඒත් මුහුණෙහි ආලේප කළ හැකි ආයුර්වේද ආලේපන වර්ගයන් ද මේ ආකාරයටම නිවෙසේදීම පිළියෙළ කරගත හැකියි.
ඒ සඳහා අවශ්‍ය වන්නේ
* සුදු හඳුන් කුඩු * වෙනිවැල්ගැට කුඩු
* කොහොඹ කොළ ඉස්ම * කෝමාරිකා මදයේ ඉස්ම
සුදු හඳුන් කුඩු හා වෙනිවැල්ගැට කුඩු සිංහල ආයුර්වේද ඔසු සලකින් ඔබට අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගත හැකියි.
පළමුව සුදු හඳුන් හා වෙනිවැල්ගැට කුඩු ස්වල්පයක් ගෙන ඊට කොහොඹ කොළ ඉස්මසුළු ප්‍රමාණයක් එකතු කරන්න. කොහොඹ කොළ ඉස්ම ඉතාමත් දියාරුවට සාදාගත් ඉස්මවිය යුතු බව මතක තබාගන්න. මෙම ද්‍රව්‍ය සියල්ල හොඳින් ඊට කෝමාරිකා මදයේඉස්ම ස්වල්පයකුත් එකතු කරන්න. පසුව මෙම මිශ්‍රණය පේස්ට් එකක් ආකාරයට සාදාමුහුණේ ආලේප කළ හැකියි. මෙය මුහුණේ ආලේප කිරීම පිළිබඳත් ඔබට යමක් සඳහන් කළයුතුයි. ඔබ භාවිත කරන අනෙකුත් ආලේපන සේ මෙම ආලේපනය දිනපතා මුහුණේ ආලේපකිරීම යම් විටක ඔබේ සමට අහිතකර වන්නට පුළුවන්. එම නිසා වඩාත් සුදුසු වෙන්නේසතියකට වතාවක් මෙම ආලේපනය මුහුණෙහි ආලේප කිරීමයි.
වෙනිවැල්ගැට සුදුහඳුන් වලට අමතරව දේශීය ඖෂධීය ශාකයක් වන නික මල්භාවිතයෙන් ද සමෙහි ඇතිවන ලප කැළැල් ඉවත්කර ගත හැකියි. නික මල් ස්වල්පයක්ගෙන පිරිසුදු ඇල් දියට දමා සෝදා පසුව ඇල් දියෙන් නික මල් ස්වල්පය සියුම්වඅඹරා මුහුණෙහි ආලේප කරන්න.
ඊට අමතරව පිටවක්කා නමින් හඳුන්වන දේශීය ඖෂධීය ශාකය භාවිතයෙනුත් මේ ආකාරයටම ආයුර්වේද ආලේපනයක් සාදා මුහුණේ ආලේප කළ හැකියි.
ඊට අවශ්‍ය වන්නේ
* පිටවක්කා කොළ
* සේලයින් වතුර හෝ පිරිසුදු වතුර
පිටවක්කා කොළ කිහිපයක් ගෙන ඊට සේලයින් වතුර හෝ පිරිසුදු වතුර ස්වල්පයක්එකතු කරන්න. පසුව එම ද්‍රව්‍ය අඹරා දියාරු ආලේපනයක් ආකාරයට සාදා මුහුණේගල්වා ගන්න.

Image result for acne 

උපුටා ගැනීම: ජීවක වෙද අසපුව Facebook page  

10/10/2016

වේගයෙන් හිස කේ වවා ගමුද මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්ඛෙහෙත් හතරක්

වේගයෙන් හිස කේ වවා ගමුද මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්ඛෙහෙත් හතරක්


කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ.

ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන.

ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන.

කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි.

හිස කෙස් වලට කරපිංචාවල බලපෑම

1. හිස කෙස් වැටීම වලක්වයි.
2. හිස කෙස් මුල් ප්‍රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලුත්වැඩියා කර ශක්තිමත් කරයි.


- කරපිංචා කොළ කෝප්ප භාගයක්
- වතුර කෝප්පයක්

විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න

කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ.

දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න

මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15-20ක් මසාජ් කරන්න,
සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ.

කරපිංචා සහ කොහොඹ

- කරපිංචා කොළ 7-8
- කොහොඹ කොළ 7-8
- සියඹලා කුඩු තේ හැදී 3
- යෝගට් තේ හැදී 3

සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න. මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න. හිස සෝදන විට පාවිච්චි කරන්න. මසකින් හොද ප්‍රතිපල ලබා ගත හැකියි.

කරපිංචා සහ උළුහාල්

- කරපිංචා කොළ කෝප්ප භාගයක්
- උළුහාල් මේස හැදී 2
- වතුර කෝප්ප ½

සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න. මද උණු වතුරින් සෝදා හරින්න . අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි.

කරපිංචා තෙල් එකක් ලෙස

- පොල් තෙල් කෝප්ප ½
- කරපිංචා කොළ 7-8

කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න. පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න. කලුපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න. සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්, කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්.

මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්.

Image result for hair
 
Copyright © 2013 Paththara Visthara
Shared by Themes24x7Powered byBlogger